hit counter

2026 ජනවාරි මස 28 වන බදාදා

2024 පෙබරවාරි 07, පෙ.ව. 12:01



වෛද්‍යවරුන් 1300 දෙනෙකු ලබන මාර්තු මාසයේදී රජයේ රෝහල් සඳහා අනුයුක්ත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

වෛද්‍ය හිඟයට පිළියම් ලෙස මේ වනවිට සීමාවාසික පුහුණුවීම් අවසන් කරමින් සිටින පිරිසක් මෙලෙස අනුයුක්ත කරන බවයි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල වැඩිදුරටත් කියා සිටියේ.

පසුගිය සතියේ ද සීමාවාසික පුහුණුවීම් අවසන් කළ වෛද්‍යවරුන් 590 දෙනෙකුට පත්වීම් ලබාදී ඇති අතර ඔවුන් මේ වනවිට රජයේ පුරප්පාඩු වී තිබු රෝහල් සඳහා අනුයුක්ත කර ඇත.

ඒ අනුව ඉදිරියේදී පවතින වෛද්‍ය හිඟයට විසඳුම් ලැබෙනු ඇති බවයි ලේකම්වරයා පවසන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: