hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජූලි 24, පෙ.ව. 12:02



රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත යෝජනා කැඳවීම ආරම්භ කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, වැටුප් දීමනා සංශෝධනය කිරීම සඳහා වන යෝජනා මෙහිදී භාරගැනීමට නියමිත බවය.

ඊට අදාළ අයදුම්පත්‍රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන  https://www.presidentsoffice.gov.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් භාගත කරගත හැකි වේ.

කෙසේවෙතත් සියලු යෝජනාවල PDF ආකෘතියේ මෘදු පිටපතක් පමණක්  saec@presidentsoffice.lk යන විද්‍යුත් තැපෑලයට යොමුකළ යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

අදාළ යෝජනා අගෝස්තු මස 9 වන දිනට හෝ එදිනට පෙර යොමුකළ යුතු බව ද මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: