2025 ජනවාරි 01, පෙ.ව. 12:08
කිසිදු ආකාරයකින් රාජ්‍ය සේවයේ රැකියා කප්පාදුවක් සිදුනොකෙරෙන බව කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
රැකියා කප්පාදුවක් සිදුකිරීමට වඩා, රජය බලාපොරොත්තු වෙන්නේ විධිමත් ආකාරයට සහ කාර්යක්ෂමව රාජ්‍ය සේවකයන් ස් සේවයේ යෙදවීම බව ඇමතිවරයා සඳහන් කළේය.
විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පහළ ශ්‍රේණිවල බඳවාගැනීම් සිදුකර තිබෙන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ හෝ ඒ ඒ රෝහල්වල අවශ්‍යතාවට වඩා දේශපාලන වුවමනා මත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසුවේ, එවැනි සේවකයන් ස්ථාන මාරුකිරීමේදී පවා වත්මන් ආණ්ඩුව බරපතල ගැටළුවකට මුහුණ දී සිටින බවයි.
එලෙස බඳවාගත් බොහෝ පිරිස් පොළොන්නරුව, බදුල්ල, නුවර සහ කළුතර ප්‍රදේශවල බවත්, එම බඳවාගැනීම සියල්ල ඉකුත් ආණ්ඩු යටතේ මිස වත්මන් ආණ්ඩුව යටතේ සිදුකළ බඳවා ගැනීම් නොවන බව ද අමාත්‍යවරයා පැවසීය.
එබැවින් එලෙස බඳවාගෙන සිටින සේවකයින් මහජනයාගේ අවශ්‍යතා සම්පූර්ණ කළ හැකි පරිදි විධිමත්ව ස්ථානගත කළ යුතු බවත්, එවැනි ඇතැම් බඳවාගැනීම් සිදුකර ඇත්තේ අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා නොවන බව ද අමාත්‍යවරයා පැවසුවේය.
එබැවින් තාක්ෂණික වශයෙන් වැදගත් පුරප්පාඩු සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ ද පවතින බැවින් ඒ සියල්ල සලකා බලන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
2025 ජනවාරි 04, පෙ.ව. 12:09
2025 ජනවාරි 04, පෙ.ව. 12:09
2025 ජනවාරි 04, පෙ.ව. 12:06
2025 ජනවාරි 04, පෙ.ව. 12:05
2025 ජනවාරි 04, පෙ.ව. 12:04
04-01-25
04-01-25
04-01-25
04-01-25
04-01-25
04-01-25
04-01-25
04-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25