2023 අගෝස්‍තු 02, පෙ.ව. 10:13
දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව ක්ෂේත්‍රගත රාජකාරි සිදුකරන සෑම රජයේ නිලධාරියෙකු ම සතියේ වැඩකරන දින පහ තුළ උදෑසන කාර්යාලයට වාර්තා කිරීම අනිවාර්ය කර තිබෙනවා.
මේ සඳහා සාමාන්‍ය රජයේ නිලධාරීන්ගේ කාර්යාල වේලාවන් අදාළ වන බවත් ඇඟිලි සලකුණු යන්ත්‍රය මගින් පැමිණීම සනාථ කළ යුතු බව ත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.
එම නිලධාරීන් සතියේ සඳුදා හා බදාදා යන දිනවල තම සේවා ස්ථානයේ රැඳී සිටිය යුතු බව ද එමගින් උපදෙස් ලබා දී තිබෙනවා.
සතියේ ඉතිරි දින තුන ක්ෂේත්‍රයට යාමට පෙර තම කාර්යාලයට වාර්තා කොට විධිමත් පරිදි බැහැර යාමේ ලේඛනය මඟින් නම් කරනු ලැබූ මාණ්ඩලික නිලධාරියෙකුගේ අනුමැතිය ලබාගත යුතු බව ද දැනුම් දී ඇත.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සුදුසු පරිදි අනුමත කිරීම් සිදුකිරීමට පත්කර ඇති මෙම මාණ්ඩලික නිලධාරීන්ට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් බලය පැවැරිය යුතු බව ද සඳහන් කර තිබෙනවා.
ඉතා කලාතුරකින් නොවැළැක්විය හැකි අවස්ථාවකදී පමණක් බලධාරියා පෞද්ගලිකව සෑහීමකට පත්වන්නේ නම්, පෙර දිනයේ රාජකාරි නිවාඩු අනුමත කරගත හැකි බව ත්, ඒ සඳහා සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතු බවත් එමගින් දන්වා ඇත.
එසේ ම, නිවාඩු සඳහා සාධාරණ හේතු ඉදිරිපත් කිරීමේදී බැහැර යාමේ ලේඛනය භාවිත නොකරන ලෙස ත්, කිසිම විටක බැහැර යාමේ ලේඛනය පූර්ව දිනයේදී අනුමත නොකළ යුතු බව ත් වැඩිදුරට ත් උපදෙස් ලබා දී ඇත.
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:12
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:05
17-09-25
17-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25