hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 14, පෙ.ව. 8:00



මහා මාර්ගවල රථවාහන රාජකාරියේ නියුතු රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුට මාසික දීමනාව වශයෙන් ගෙවූ රුපියල් එක්දහස් හයසියක මුදල රුපියල් හයදහස දක්වා ඉහළ දමමින් නව චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නියෝග කර තිබෙනවා.

මෙහිදී පොලිස් සැරයන්වරයකුට ගෙවූ රුපියල් 1800ක මාසික දීමනාව රුපියල් 6000 දක්වාත්, පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්ට ගෙවූ රුපියල් 2000 දීමනාව රුපියල් 7000 දක්වාත්, රථවාහන ස්ථානාධිපතිවරයකුට ගෙවූ දීමනාව රුපියල් 2500 සිට 7000 දක්වාත් ඉහළ නැංවීමට නියමිත බවයි පැවසෙන්නේ.

රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් ඇගයීමට ලක්කිරීම හා දිරිමත් කිරීම මගින් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබාගැනීම අපේක්ෂාව වී තිබේ.

මෙම දීමනා වැඩිකිරීමට තීරණය කර ඇත්තේ, අව්, වැසි, බාධක මධ්‍යයේ පැය දොළහක පමණ කාලයක් මහා මාර්ගවල රථවාහන හැසිරවීම අසීරු කාර්යයක් වීමත්, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මහා මාර්ගයේ වාහන දුම ඇතුළු විෂ ආග්‍රාණය වීමෙන් වැඩි පිරිසක් ශ්වසන ආබාධවලට ලක්වීමත් නිසා බවයි.

මෙහිදී පොලිස් ස්ථාන පළමු, දෙවන හා තෙවන කාණ්ඩ යටතේ වෙන්කර ගෙවන දීමනාවද ඒ අනුව වෙනස් කර ඇති අතර, පළමු කාණ්ඩයේ පොලිස් ස්ථාන 104ක්, දෙවන කාණ්ඩයේ පොලිස් ස්ථාන 59ක් හා තෙවන කාණ්ඩයේ පොලිස් ස්ථාන 444ක් ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: