2022 මැයි 05, පෙ.ව. 9:40
ගාල්ල, උළුවිටිකේ රිචිඩ් පතිරණ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ පළමු ශ්‍රේණිය සදහා ළමුන් තිදෙනෙකු ඇතුලත්කර නොගැනිම හේතුවෙන් එම ළමුන්ගේ දෙමව්පියන් විසින් ඊයේ (04) බලහත්කාරයෙන් ළමුන් තිදෙනා පාසලට රැගෙනවිත් පංති කාමරය තුල වාඩිකොට තිබෙනවා.
ඒ සමගම විදුහල්පතිවරයා හා එම ළමුන්ගේ දෙමව්පියන් අතර බහින්බස්විමක් ඇතිවි තිබෙන බව පෝද්දල පොලිසිය පැවසුවා.
එහිදී එක් සිසුවියකුගේ පියකු විසින් තමන්ට පහරදුන් බවට සදහන් කරමින් ප්‍රාථමික අංශයේ විදුහල්පතිවරයා විසින් ප්‍රථිකාර ගැනිම සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පළමු ශ්‍රේණියට ඇතුලත් කර ගැනිම සදහා පැවති සම්මුඛ පරික්ෂණයේ දි ප්‍රමාණවත් ලකුණු ලබාගැනිමට නොහැකිවිම නිසා ළමුන් තිදෙනා පාසලට ඇතුලත්කරගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
මෙකි ළමුන් පාසල ආසන්නයේ පිහිටි ජස්ටින්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
මෙම ළමුන් තිදෙනා පාසලේ පළමු ශ්‍රේණියට ඇතුලත්කර නොගැනිම හේතුවෙන් කිසිදු දැනුම් දිමකින් තොරව දෙමව්පියන් විසින් ළමුන් තිදෙනා පාසල වෙත රැගෙන විත් පංතිකාමරය තුල වාඩිකොට තිබෙනවා.
පසුව විදුහල්පතිවරයා විසින් දරුවන් තිදෙනා වෙනත් පංති කාමරයක තබා ළමුන්ගේ දෙමව්පියන් පාසලට කැදවා මේ පිළිබද විමසා තිබෙන අතර එම ළමුන් තිදෙනාගේ නම් පොරොත්තු ලේඛනයේ පවා නොමැති බවද වාර්තා වනවා.
මේ පිළිබද කළාප අධ්‍යාපන කාර්යාලයට දැනුම් දී ළමුන් තිදෙනා ඇතුලත්කර ගැනිමට කටයුතු කරන බවට විදුහල්පතිවරයා දැනුම් දී තිබෙනවා.
මේ අවස්ථාවේ දි ළමුන් තිදෙනාගේ දෙමව්පියන් හා විදුහල්පතිවරයා අතර බහින්බස්විමක් සිදුව තිබෙනවා.
එහිදි එක් දරුවකුගේ පියෙකු විසින් මෙකි සිද්ධිය ජංගම දුරකථනයෙන් ඡායාරුපගත කොට ඇති අතර විදුහල්පතිවරයා විසින් දුරකථනයට පහරදි දුරකථනය බිම වැටීම නිසා දුරකථනයට හානිවී තිබෙන බවයි එම දරුවාගේ පියා චෝදනා කරන්නේ.
එම දුරකථනය අලුත්වැඩියා කරදෙන ලෙස ඉල්ලමින් ඔහු පෝද්දල පොලීසියට පැමිණිලි කොට තිබෙනවා.
පෝද්දල පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධව පරික්ෂණ පවත්වයි.
2025 මාර්තු 12, පෙ.ව. 12:28
2025 මාර්තු 12, පෙ.ව. 12:27
2025 මාර්තු 12, පෙ.ව. 12:26
2025 මාර්තු 12, පෙ.ව. 12:22
2025 මාර්තු 12, පෙ.ව. 12:21