2024 ඔක්‍තෝබර් 08, ප.ව. 12:39
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කර තිබු එම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ගුණසිරි මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවය කරමින් සිටියේය.
එම තනතුරේ වැඩබැලීම සඳහා ජනාධිපති අතිරේක ලේකම් (ආයතන සම්බන්ධීකරණ 2) වශයෙන් සේවය කරන යූ ඩී එන් ජයවීර මහතා පත් කිරීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.
2026 ජනවාරි 01, පෙ.ව. 12:34
2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:18
2026 ජනවාරි 01, පෙ.ව. 12:15
2026 ජනවාරි 01, පෙ.ව. 12:13