2026 පෙබරවාරි 25, පෙ.ව. 12:10
‘‘රනිල් වික්‍රමසිංහ රට අසීරුවෙන් ඉන්න අවස්ථාවේ ගොඩ දැමුවා. එතුමා ඒ කළ දේවල් තමන්ගේ වගේ අරගෙන යන මේ ආණ්ඩුවට කියන්න තියෙන්නේ ස්වභාව ධර්මය කියා දෙයක් තිබෙන බව තේරුම් ගන්නා ලෙස” යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු පැවසීය.
මේ වන විට ආණ්ඩුව විසින් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ ජාත්‍යන්තරය පවා දැනුවත් කිරීමට කටයුතු කරන බව හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.
ප්‍රශ්නගත ලන්ඩන් සංචාරය අළලා අසාධාරණ ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරගත කිරීමට ආණ්ඩුව සැරසෙන බවට ඔහු චෝදනා කළේය.
”කොට හුඹහ වගේම කොට මිනිහා විශ්වාස කරන්න බෑ කියලා ආණ්ඩුවේම ඇමති කෙනෙක් ප්‍රකාශ කළා.තමන්ට වඩා දියුණු උගත් මිනිහෙක් ගැන කොට මිනිස්සුන්ට ඊර්ෂ්‍යාවක් තියෙනවද මං දන්නේ නෑ.රට අගාධයට වැටුණු වෙලාවෙ ගොඩදාපු රනිල් වික්‍රමසිංහ පස්සේ මේ තරම් පන්නන්නේ ඒක නිසා වෙන්න ඇති.ඒක ඉතා පහත් හඹා යෑමක්.
කොහොමත් මේ ආණ්ඩුව නා ගනිමින් පවතිනවා.විශාල නා ගැනීමක් නාගෙන යනවා.මෙය අනුර කුමාර මහත්තයාගේ අවසානයේ ආරම්භය විය හැකියි.රනිල් වික්‍රමසිංහ රට අසීරුවෙන් ඉන්න අවස්ථාවේ ගොඩ දැමුවා. එතුමා ඒ කළ දේවල් තමන්ගේ වගේ අරගෙන යන මේ ආණ්ඩුවට කියන්න තියෙන්නේ ස්වභාව ධර්මය කියා දෙයක් තිබෙන බව තේරුම් ගන්නා ලෙසයි.
මේ වැරදි කරපු මිනිසුන්ට දඬුවම් ලැබී තිබෙන රටක්.ඒ වගේම අප මේක අතහරින්නේ නෑ.අප ජාත්‍යන්තරයට යනවා.ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරනවා.එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට,යුරෝපා පාර්ලිමේන්තු සංගමය ඇතුළු සියලුම ජාත්‍යන්තර ආයතන වලට අප මේ පැමිණිල්ල ඉදිරිපත් කරනවා.
ඒ වගේම තානාපති කාර්යාල මට්ටමින් වෙනම දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා.එමෙන්ම දේශීය වශයෙන් අප හැම දිස්ත්‍රික්කයකම ස්වාමීන් වහන්සේලා, පූජ්‍ය පක්ෂය, නීතීඥ වරු,තරුණ කණ්ඩායම්,ආදී සියලු පාර්ශ්වවලට මේ අසාධාරණ පළිගැනීම ගැන කරුණු කියන්න මාර්තු පළමු වැනිදායින් පසු වැඩසටහනක් සූදානම් කර තිබෙනවා.
අප මෙලෙස ඉදිරියට එන විට මර්දනය කරන්නට වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා.ආණ්ඩුවේ අවුරුදු එකහමාරක් ගතවී ගියා. තව තියෙන්නේ පොඩි කාලයයි. ඒක මතක තියාගන්න. අපිත් ආණ්ඩු වල හිටියා.ඔය වගේ ගොන් පාට් දාන්න ගියාම, ආණ්ඩු කිරීම වෙනුවට පලි ගැනීමට ගියාම අන්තිමට හැරී බලන විට නොදැනීම කාලය ගිහිල්ලා.ඒ කාලේ ගියාම ඔය කියන නිලධාරීනුත් ආණ්ඩුවට ඕන විදියට වැඩ කරන්නේ නෑ.
බොහෝ පහළ ශ්‍රේණියේ නිලධාරීන් අමාත්‍යාංශ ලේකම්වරු විදිහට පත් කරලා තිබෙනවා.රාජ්‍ය සේවය විනාශ කරලා තියෙන්නේ.දේශපාලන පත්කිරීම් මත නිලධාරීන් උඩට ගෙනල්ලා තියෙනවා.මේක ලොකු විනාශයක ආරම්භයක්.රාජ්‍ය යාන්ත්‍රණය එහෙම් පිටින්ම කඩා වැටිලා. අපිත් යහපාලන කාලේ හොරු අල්ලනවා කියලා ගොං පාට් කැම්පේන් එකක් කරන්න ගියා. ඒක අන්තිමට බිඳ වැටුනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 69 ලක්ෂයක් ඡන්ද අරගෙන. රනිල්ට විරුද්ධව ආණ්ඩුව අත තැබීම මහා අපරාධයක්.ඒක සාපයක්.මේ රටේ මුළු ගුවන් යානා පිටින් අරගෙන රට ගිහිපු නායකයෝ හිටියා.”
රනිල් වික්‍රමසිංහ පිළිබඳව අනාගත ලෝකයට කියාදීම සඳහා මාර්තු 19 වැනිදා Read with Ranil යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර තරුණ දරුවන්ට රනිල් සමඟ කියවා ගන්න එයින් අවස්ථාව ලැබෙන බවයි එජාප නියෝජ්‍ය මහලේකම්වරයා තවදුරටත් පැවසුවේ.
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:22
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:14
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:13
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:08
25-02-26
25-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
23-02-26
23-02-26
23-02-26
23-02-26
22-02-26
22-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26