2026 පෙබරවාරි 16, ප.ව. 1:42
යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගතවුවද ජනතාවගේ හදවත් තුළට තවමත් සාමය සම්පූර්ණයෙන්ම පැමිණ තිබේද යන්න ගැටලුවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
අග්‍රමාත්‍යවරිය පෙන්වා දුන්නේ යුද්ධය ආරම්භ කළේ යුද්ධ කළේ ජනතාවගෙන් විමසා නොවන නමුත්, එහි ප්‍රතිවිපාක කාන්තාවන්ට භුක්ති විඳීමට සිදුව ඇති බවයි. ඒ ජාතිවාදයෙන් ප්‍රචණ්ඩත්වයෙන් සහ යුද්දයෙන් දිනුවේ තමන් නොවන බවද අගමැතිනිය ප්‍රකාශ කරයි.
යුද්ධය පැවති සමයේ ජනතාව බෙදා රටේ බලය අල්ලාගත් පිරිස අදටත් ඉතා සැපවත් ජීවිත ගතකළද එදා බෙදී වෙන් වූ සාමාන්‍ය ජනතාව අදටත් දුක් විඳින බව ඇය පෙන්වාදෙයි.
වත්මන් රජය ජාතිවාදයට එරෙහිව ප්‍රබල සටනක් ගෙන යන නමුත් ඇතැම් දේශපාලන බලවේග තවමත් බලය ලබාගැනීම සඳහා ජාතිවාදය සහ අසමගිය ඇති කිරීමට උත්සාහ කරමින් සිටින බවත් අගමැතිනිය මෙහිදී අනාවරණය කරයි.
ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය, සැමට සමාන නීතියක් හෝ ජනතාවගේ ආර්ථිකය අනවශ්‍ය බවත් අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ බලය පවත්වා ගෙන යෑමට බවත් ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවද වැඩිදුරටත් කියා සිටියාය.
මන්නාරම දිස්ත්‍රික් කාන්තා හමුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
2026 පෙබරවාරි 16, ප.ව. 2:33
2026 පෙබරවාරි 16, පෙ.ව. 9:47
2026 පෙබරවාරි 16, පෙ.ව. 8:54
2026 පෙබරවාරි 16, පෙ.ව. 8:52
2026 පෙබරවාරි 16, පෙ.ව. 8:47
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
13-02-26
13-02-26