2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:25
තමන් වසර 14ක් පමණ දේශපාලනයේ නිරත වන නමුත් කිසි විටෙක විරුද්ධ දේශපාලනඥයන්ට පෞද්ගලික මඩ අවලාද නොනඟන හෙයින් මේ මොහොතේද එවැනි තත්ත්වයකට ඇද නොවැටෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ හර්ෂ ද සිල්වාට මේ වන විට පක්ෂයක්, ආසනයක් පමණක් නොව දේශපාලන අනාගතයක්ද නැතිව සිටින බවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබඳ මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිනි.
එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ 1990 සුවසැරිය යනු කාගේවත් පෞද්ගලික බූදලයක් නොවන බව රටම දන්නා කරුණක් බවයි.
බාධා රැසක් මධ්‍යයේ ස්ථාපිත සුවසැරිය සේවයේ වටිනාකම ජනතාව දැනුම්වත් බවද ඔහු සඳහන් කළ අතර ඊට අයත් ගිලන් රථ රෝහල් ආශ්‍රිතව නැවැත්වීමට විරෝධතා දැක්වුණු බැවින් පොලිස් ස්ථාන ආශ්‍රිතව ඒවා නැවැත්වීමට පහසුකම් සපයා ගැනීමට සිදුවූ බවද සිහිපත් කළේය .
කෙසේ වෙතත් එහි වර්ණය, සංකේත, නම ආණ්ඩුවට මානසික වදයක් නම් තීන්දුවක් ගැනීමේ හැකියාව ඇති බවත්, තමන් පෙනී සිටියේ ජනතාව අතර විශ්වාසය දිනාගත්, සන්නාමයක්ව ඇති සුවසැරිය සේවාවේ අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන් බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:12
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:07
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:06
06-10-25
06-10-25
16-09-25
16-09-25
07-08-25
07-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
09-07-25
09-07-25
08-07-25
08-07-25
06-07-25
06-07-25
23-06-25
23-06-25
21-06-25
21-06-25
20-06-25
20-06-25
15-06-25
15-06-25