2025 ඔක්‍තෝබර් 30, ප.ව. 5:17
විපක්ෂයට තර්ජන පවතින බවත් එයින් ප්‍රධානම තර්ජනය වන්නේ වර්තමාන ආණ්ඩුව බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.
ඔහු මේ පිළිබඳව පවසා සිටියේ සමගි ජන බලවේගය අද (30) සංවිධානය කරතිබූ මාධ්‍ය හමුව අමතමින්.
වර්තමාන ආණ්ඩුවේ සිටින්නේ මිනීමැරුම් සංස්කෘතියක් තිබෙන පිරිසක් බවයි මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේ.
විපක්‍ෂය ආණ්ඩුවට විරුද්ධව කතා කළ විට මුහුණු පොත හරහා තර්ජන එල්ල වන බවයි ඔහු පවසා සිටියේ.
මන්ත්‍රීවරයා පැවසූ අදහස් පහතින්.
අපිටත් තර්ජන තියෙනවා. ඒ කියන්නේ ලොකුම තර්ජනය තමයි මේ ආණ්ඩුව, එතකොට මේ ආණ්ඩුවේ ඉන්නේ නියම මිනිමැරුම් සංස්කෘතියක් තියෙන පිරිසක්. අපි ආණ්ඩුවට විරුද්ධව කතාකරාම ෆේස්බුක් එකෙන් වැඩිපුරක් අපිට විරුද්ධව මරණ තර්ජන තමයි එල්ල කරන්නේ. ඒ අතරින් මොන ජාතියේ අය ඉන්නවද කියල අපි දන්නෙත් නෑ., මේ ගොල්ලන්ගේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නෙත් ඒ වගේ සෙට් එකක්නේ. මොන වගේ අය එළියෙ ඉන්නවා ඇතිද?
2025 ඔක්‍තෝබර් 30, ප.ව. 1:50
2025 ඔක්‍තෝබර් 30, ප.ව. 1:40
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 11:54
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 9:43
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 9:02