hit counter

2026 ජනවාරි මස 08 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 27, ප.ව. 4:13



අගමැතිනි ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනවිය සිය අගමැති කාර්යාලයේ විවිධ වියදම් කපා හැරීමෙන් රුපියල් තිස් දෙකෝටි නවලක්ෂයක පමණ මුදලක් රජයට ඉතිරි කර දී ඇතැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

අගමැතිවරියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට හැටපස්දෙනකු බදවා ගත හැකි වුවත් ඇය සත්‍ය වශයෙන්ම යොදාගෙන ඇත්තේ හත්දෙනෙකු පමණක් බවත් මාධ්‍ය අංශයට හතළිස් දෙනකු අනුමත වුවත් ඇය යොදාගෙන ඇත්තේ දස දෙනෙකු පමණක් බවත් සඳහන් කළා.

නානායක්කාර මහතා මෙසේ පැවසුවේ ජනාධිපති, අගමැති, උපරිමාධිකරණ වල විනිශ්චකරුවන් පාර්ලිමේන්තුව ඇතුළු ආයතනය සහ පුද්ගලයන් සම්බන්ධ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේ දී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: