hit counter

2025 ජූනි මස 14 වන සෙනසුරාදා

2025 ජූනි 14, පෙ.ව. 12:07



විදුලි ගාස්තුව ඉහළ දැමීම කර්මාන්ත සඳහා සමස්ථයක් ලෙස සැලකීමේදී විශාල බලපෑමක් සිදු නොකරන බව මුදල නියෝජ්‍ය ඇමති හර්ශන සූරියපෙරැම මහතා සඳහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ කර්මාන්ත සඳහා විදුලිය මෙන්ම ඊට තවත් කරුණු කාරණා රාශියක් එක්වන බවයි.

ඒ අනුව බැංකු පොලී අනුපාත ඉතා පහළ මට්ටමක පවතින බවද කී ඔහු ව්‍යාපාර සඳහා අවශ්‍ය තවත් බොහෝ දේවල පිරිවැය බොහෝ පහත බැස ඇති බවද කියා සිටියේය.

ඒ අනුව විදුලි ගාස්තුව යම් මට්ටමකින් ඉහළ ගියද සමස්ථායක් ලෙස ගත් කළ කර්මාන්ත සඳහා එතරම් එය බලපෑමක් සිදු නොවනු ඇති බවද ඒ මහතා පැවසුවේය.

කෙසේ වෙතත් කර්මාන්තර හිතකර පරිසරයක් බිහි කිරීමට රජය කැපවී සිටින බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: