hit counter

2025 මැයි මස 20 වන අඟහරුවාදා

2025 පෙබරවාරි 16, ප.ව. 12:04



මෙවර ශ්‍රී ලංකාවේ 77 වන නිදහස් දින උත්සවය තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති ඔරුගොඩවත්ත මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් හා සංවිධානයෙන් අංකාරා අගනුවරදී අතිශය උත්කර්ෂවත්ව සිදුකෙරිණ.

ඒ උත්සව අවස්ථාවට බෞද්ධ සම්ප්‍රදාය නියෝජනය කිරීමට අමෙරිකාවේ Sacremento බෞද්ධ විහාරයේ ප්‍රධාන හා කැලිෆෝර්නියා සරසවියේ හිටපු මහාචාර්ය පුජ්‍ය මඩවල සීලවිමල මාහිමියන්ට හා ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ පුධාන හා ස්විට්සර්ලන්තයේ පුධාන සංඝනායක ආචාර්ය තවලම ධම්මික නාහිමියන්ට ආරාධන ලැබිණ.

තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ තුර්කි ජාතික ගෞරවාන්විත උපදේශක වරුන් හා ශ්‍රී ලාංකික හිතවතුන් සහභාගිවු මෙම සම්භාවනීය අවස්ථාවට බෞද්ධ කතෝලික හිංදු හා ඉස්ලාම් ආගමික නායකත්වය අන්තර් ආගමික ආශිර්වාද සිදු කළ අතර, චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන් දල්වා මිනිත්තු දෙකක ගෞරවාන්විත නිශ්ශබ්ද තාවයකින් නිදහසේ ආදිපුරුෂයන් කෘතවේදීව අනුස්මරණය කළ අතර උත්සවය මෙහෙයවීම තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශිකා නිලුෂා දිල්මිණි මහත්මිය විසින් සීදු කරණු ලැබිණ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: