hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි 05, පෙ.ව. 12:07



අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යනු එක් රැයකින් හෝ තනි පුද්ගලයෙකුට සිදුකළ හැකි කාර්යයක් නොව, එය සමස්ත ප්‍රජාවගේම සහභාගීත්වයෙන් සිදුවන සාමූහික ක්‍රියාවලියක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හසාරා ලියනගේ මහත්මිය අවධාරණය කරයි.

උත්සව සභාවක් ඇමතීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකිරීමට අපේක්ෂිත මෙම පරිවර්තනීය ක්‍රියාවලිය තුළ විවිධ මතවාද හා කතිකා ගොඩනැගීම ස්වභාවික ලක්ෂණයක් බවයි.

වර්තමානයේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහට ලක්ව ඇති කරුණු පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයන් සිදුකිරීමට පියවර ගෙන ඇති බවත් මන්ත්‍රීවරිය මෙහිදී සඳහන් කළාය. 

සමාජ අවශ්‍යතාවයන් මනාව හඳුනාගනිමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම රජයේ අරමුණ බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

අධ්‍යාපනය වැනි අතිශය සංවේදී විෂය පථයක් දේශපාලන වාසි තකා භාවිත කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ කරන බවට චෝදනා කළ මන්ත්‍රීවරිය, විපක්ෂයට අධ්‍යාපනය යන සාධකය අවියක් කර ගැනීමට ඉඩ නොතබන බව ද දැඩිව අවධාරණය කළාය.

මෙම ක්‍රියාවලිය හුදෙක් දේශපාලන තීන්දුවක් නොව, රටේ අනාගත පරපුර උදෙසා ඉටුකළ යුතු අත්‍යවශ්‍ය සමාජමය වගකීමක් බව ද හසාරා ලියනගේ මහත්මිය මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: