hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 ජූලි 01, ප.ව. 1:21



තමන්ට නියම වී ඇති වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී ඇති බව වාර්තා වෙනවා.

තමන්ට ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදාහරින ලෙසත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබෙනවා.

අදාළ ඉල්ලීම ලබන 4 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සලකා බැලීමට නියමිතය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: