hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 26, ප.ව. 3:49



හිටපු ජනාධිපති රනිල් විකමසිංහ මහතා වෙනුවෙන් සහය පළ කිරීමට අද පැමිණි විශාල දේශපාලඥයන් පිරිසට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද එක්ව සිටියා. එහිදී ඇය විසින් මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

එහිදී මාධ්‍යවේදියෙක් ඇයගෙන් සමාජ මාධ්‍යවලින් අහනවා කන කෝ කියලා යනුවෙන් නැගූ ප්‍රශ්නයට ඇය පිළිතුරු දෙමින් කියා සිටියේ,

” මගේ කන ගැනනේ කතා කරන්නේ ඔය 159 ඇතුළු අනුර කුමාර බෙල්ල කපා ගන්න වෙන්නේ ඒගොල්ලො කියපු දේවල්වල හැටියට. ඒගොල්ලෝ කිව්වේ බැඳුම්කර වංචාවට ඇතුළට දානවා කියලා මොනවද මේ කේස්. මේක හෙට පලි ගැනීමක් කියලා ඔප්පු වුණොත් මොකක්ද වෙන්නේ. රනිල් වික්‍රමසිංහට විතරක් නෙවෙයි විධායකට විරුද්ධව කරන මේ වැඩේට විරුද්ධව නැගිටින්න. මේක හෙට අනුර කුමාර මැතිතුමාට වෙන්න පුළුවන්. දැන් එතුමා එතුමගේ පෞද්ගලික ගමන් යන්නෙ නැද්ද? ඊට පස්සේ එතුමා ධූරෙන් බැහැලා යද්දි මේ විදිහෙම දෙයක් වුණොත් එහෙම. රනිල් වික්‍රමසිංහ මේ ලෝකේ ඉන්න නරකම මිනිහා වෙන්න පුළුවන්. හැබැයි රනිල් වික්‍රමසිංහ මැරෙන්න ඕනේ කියන විදිහට මේ සමාජය හැදුනේ කොහොමද? මේක ඉතාමත් දරුණු තත්ත්වයක්” යනුවෙන්.