hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2024 ජූනි 28, ප.ව. 6:33



දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළා.

සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සාමාන්‍ය වාට්ටුවක් රඳවා තිබෙනවා.

ඇය කාන්තා රැඳවියකට නියමිත ඇඳුම ඇඳ සිටින බවයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙනවිත් අවශ්‍ය ලිපිලේඛණ කටයුතු කර වාට්ටුවකට යොමු කළ බව සඳහන්.

ඇය ඒ දක්වා විශේෂ ඉල්ලීමක් නොකළ බවයි, බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: