2024 ජූනි 29, පෙ.ව. 11:21
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසා සිටියේ වසර තුනක බරපතළ වැඩසහිත සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ R වාට්ටුවක ඊයේ (28) රැඳවූ බවයි.
කොමසාරිස් වරයා වැඩිදුරටත් පැවසූවේ එම වාට්ටුව සාමාන්‍ය සිරකාරියන් රඳවා තබන වාට්ටුවක් වන අතර, ඇය කාන්තා රැඳවූවන්ට නියමිත ඇඳුම වන සුදු රෙද්දක් සහ හැට්ටයකින් සැරසී සිටින බවත්, ඇයට අවශ්‍ය ආරක්ෂාව බන්ධනාගාරය තුළ සපයා ඇති බවත්ය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ (29) ප.ව. 2.00ට පමණ බන්ධනාගාර වෑන් රථයකින් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන විත් අවශ්‍ය ලිපිලේඛන කටයුතු සම්පූරිණ කර, බන්ධනාගාර වෛද්‍යවරයා වෙතද යොමු කිරීමෙන් අනතුරුව අදාළ වාට්ටුවට යොමු කළ බව ගාමිනී බී. දිසානායක මහතා පැවසුවා.
කෙසේ වෙතත් හිටපු මන්ත්‍රීවරිය විශේෂ ඉල්ලීම් කිසිවක් සිදු නොකළ අතර, ඇය විශේෂ වාට්ටුවක රැඳවීමේ අවශ්‍යතාවක්ද මේ දක්වා පැනනැඟී නොමැති බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා අවධාරණය කළා.
2026 ජනවාරි 30, පෙ.ව. 12:38
2026 ජනවාරි 30, පෙ.ව. 12:30
2026 ජනවාරි 30, පෙ.ව. 12:28
2026 ජනවාරි 30, පෙ.ව. 12:19
2026 ජනවාරි 30, පෙ.ව. 12:11
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26