hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 නොවැම්‍බර් 27, පෙ.ව. 12:07



දිවයිනේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නැගෙනහිර පළාතේ පෙර පාසල් සඳහා නොවැම්බර් 30 වන දින දක්වා විශේෂ නිවාඩුවක් ලබා දී ඇත.

නැගෙනහිර පළාතේ පවතින අසාමාන්‍ය කාලගුණය සැලකිල්ලට ගනිමින්, 26 වන දින සිට 30 වන දින දක්වා පෙර පාසල් වසා දැමීමට තීරණය කර ඇති බව නැගෙනහිර පළාත් පෙර පාසල් කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී කේ. ජයවතනන් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් අධ්‍යක්ෂවරයා, නැගෙනහිර පළාත් පළාත් පාලන කොමසාරිස්වරයා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පෙර පාසල් ව්‍යාපෘති නිලධාරීන්ට ද ලිඛිතව දැනුම් දී ඇත.