2023 ජූලි 28, පෙ.ව. 3:05
සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් පාලනය වන කිසිදු රෝහලක විදුලිය ඉදිරි මාස දෙකක කාලයක් සඳහා නොකපා සිටීම සඳහා වන සහතිකය විදුලි බල මණ්ඩලය ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසනවා.
සෞඛ්‍ය අමැතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සමඟ ඇති කරගත් එකඟතාවකට අනුව මෙම සහතිකය විදුලි බල මණ්ඩලය මගින් ලබා දුන්නේ යැයි ද ඒ මහතා කියා සිටියා.
මහනුවර දී ඊයේ (27) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළා.
කොළඹ ජාතික රෝහලේ හිඟ විදුලි බිල්පත ගෙවීම සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 120 ක් ලබා දුන් බව ද හෙතෙම අවධාරණය කළා.
ආර්ථික අර්බුදයත් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන රෝහල් වල විදුලි බිල්පත් ගෙවීමේ දී මාස හතරක පහක පමණ හිඟයක් ඇතිව තිබෙන බවත් අදාළ හිඟ මුදල් ඉදිරි මාස දෙක ඇතුළත ගෙවීමට කටයුතු කරන බවට ලබාදුන් පොරොන්දුව මත විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා රෝහල් වල විදුලිය විසන්ධි නොකිරීම සඳහා වන එකඟතාවට පැමිණි බවත් අතිරේක ලේකම්වරයා පැවසුවා.
එළඹී එකඟතාවට අනුව මාස දෙකක් ඇතුළත හිඟ විදුලි බිල් ගෙවා දමා ඉන් අනතුරුව සෑම මසකම විදුලි බිල නියමාකාරව ගෙවිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය මුදල් නියමාකාරව ලබාදෙන බවට භාණ්ඩාගාරයෛන් සහතිකයක් ලබා දී තිබෙන බවත් සමන් රත්නායක මහතා කියා සිටියා.
මහනුවර – කමල් සුරවීර
2025 අගෝස්තු 01, පෙ.ව. 12:16
2025 අගෝස්තු 01, පෙ.ව. 12:12
2025 අගෝස්තු 01, පෙ.ව. 12:10
2025 අගෝස්තු 01, පෙ.ව. 12:08
2025 අගෝස්තු 01, පෙ.ව. 12:07