2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:11
චිකුන්ගුන්යා වයිරසය වැඩිවීමක් පවතින නිසා මෙරට සංචාරය කිරීමේදී පූර්ව ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එරට පුරවැසියන්ට දෙවැනි මට්ටමේ සංචාරක සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.
මෙම අනතුරු ඇඟවීම ඔවුන් සිදුකර ඇත්තේ දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට පවතින තත්ත්වයත් සමඟයි.
ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් දිස්ත්‍රික්ක විසි දෙකකට බලපෑම් එල්ල වූ අතර එම දිස්ත්‍රික්කවල චිකුන්ගුන්යා හා ඩෙංගු වයිරසය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවයි.
ඒසේම සුළි කුණාටුවෙන් දැඩි බලපැම් එල්ල වූ කොළඹ, මහනුවර, ගම්පහ, නුවරඑළිය, කෑගල්ල, කුරුණෑගල ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල නිලධාරීන් මේ වනවිට අවශ්‍ය ධුමායන කටයුතුද සිදුකරමින් සිටින බව වාර්තා වේ.
මෙම ආපදාවට ලක්වූ ප්‍රදේශවල ගොඩ ගැසී ඇති කුණු කසළ ඉවත් නොකිරීම මෙසේ චිකුන්ගුන්යා සහ ඩෙංගු වයිරසයේ වැඩිවීමට හේතු ලෙස හඳුනාගෙන ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඒ හේතුවෙන් වහාම කුණු ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය සියලුම පළාත් පාලන ආයතනවලට දැනුම් දී ඇත. මේ අතර මෙම කුණු කසළ ඉවත් නොකිරීමේ ගැටලුව සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන සහ පළාත් පාලන ඇමැති චන්දන අබේරත්නගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ එම කුණු කසළ කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් මේ වනවිට ලබා දී ඇති බවයි.
තවද ඇතැම් ප්‍රදේශවල කුණු ඇදීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නොමැතිව තිබූ බවත්, මේ වනවිට එම කටයුතුද සොයා බලමින් ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගනු ලබන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.
ඒ අනුව 2025 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් හතළිස් හයදහස් එකසිය හැට හය දෙනකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව විසි හතරක් බව සඳහන්.
කැලණිය විශ්වවිද්‍යාලය සමඟ එක්ව ජාතික ඩෙංගු මර්දන ඒකකය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ඩෙංගු මර්දනය සාර්ථක කරගැනීමට ඉවහල් වූ ඉකුත් කාලයේ නවතා තිබූ වොල්බැකියා (Wolbachia) විශේෂ ඩෙංගු මර්දන නියමු ව්‍යාපෘතියද නැවත ලබන වසරේ ආරම්භ කිරීමට නියමිතව ඇත.
එසේම මෙම වොල්බැකියා ඩෙංගු මර්දන ව්‍යාපෘතිය කොළඹ මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයන්හි ඩෙංගු ව්‍යාප්තිය බහුල සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලද ක්‍රියාත්මක කිරීමට ඉකුත් කාලයේදී කටයුතු කර ඇත.
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:37
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:31
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:20
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:19
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:16
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
21-12-25
21-12-25
21-12-25
21-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25