2023 අගෝස්‍තු 16, පෙ.ව. 11:55
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 54 දෙනෙකු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් අද (16) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා ඇති බව ඒෂියන් මිරර් ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළා.
මෙම පිරිස අතර ගෘහ සේවිකාවන් 53 දෙනෙකු සහ එක් ගෘහ සේවකයෙකු සිටි අතර ඔවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන අතර ඉතිරි පිරිස පොළොන්නරුව, මොණරාගල, ගාල්ල, මාතර ආදී දිස්ත්‍රික්ක වල පදිංචිකරුවෝ වෙනවා.
මොවුන් තම ගිවිසුම් ගත රැකියා ස්ථාන වලින් පළා ගොස් දීර්ඝ කාළයක් කුවේට් රාජ්‍යයේ වෙනත් ස්ථාන වල වැඩි වැටුපකට රැකියා වල නිරත වී සිට පසුව ඔවුන් රෝගී තත්වයන්ට ගොදුරු වීම ඔවුන්ගේ ශ්‍රී ලංකාවේ පවුල් වල ගැටළු මතු වීම සිය වයස් සීමා ඉක්ම යාම වැනි හේතු නිසා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කර තිබෙනවා.
ඒ අනුව මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති අතර ඉන්පසුව එම තානාපති කාර්යාලීය නිලධාරීන් එරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසිය සහ අධිකරණය සමග එක්ව කටයුතු කර තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර මෙසේ මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස එරටින් පිටුවහල් කර එවා තිබුණා.
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අද (16) උදෑසන 06.45 ට කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබා දුන් ගමන් ගාස්තු රැගෙන ඔවුන්ගේ ගම්බිම් බලා පිටත්ව ගියා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06