hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 16, ප.ව. 8:56



මත්ද්‍රව්‍ය මර්ධනය කිරීම සදහා මඩකලපුව පොලිසිය විසින් පාසල් සිසුන් පරික්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ඊයේ සිදු කර තිබෙනවා.

ඒ අනුව මඩකලපුව ශාන්ත මයිකල් පිරිමි ජාතික පාසලේදී පොලිස් සුනඛයින් යොදා සිසුන්ගේ බෑග් පරික්ෂා කිරීමේ කටයුතු  සිදු කර තිබෙනවා.

දිවයින පුරා  මත්ද්‍රව්‍ය භාවිතය  ඉහල යාම නිසා එය වලක්වාලීමට රට පුරා පාසල සිසුන් පරික්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතාගේ උපදෙස් මත මඩකලපුව මුල්ස්ථාන පොලිස් පරීක්ෂක පි.කේ.හෙට්ටියාරච්චි මහතාගේ මුලිකත්වයෙන් අද (16) 6.30ට ශාන්ත මයිකල් ජාතික පාසලේ පිවිසුම් දොරටුවේ පොලිස් සුනඛයින් එක්ව පාසලට ඇතුල්වන සිසුන් හා ඔවුන් බෑග පරික්ෂා කර තිබෙනවා.

මෙම සෝදිසි කටයුතු අඛන්ඩව පාසල්වල සිදුවන බවත් සිසුන් දෙමව්පියන් මත්ද්‍රව්‍ය වෙදුන් හා භාවිතා කරන්නන් සම්බන්ධව දන්නේ නම් වහාම පොලිස් ස්ථානාධිපතිතුමාට දැනුම් දෙන ලෙසට මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින් පිළිබද අවදානයෙන් සිටින ලෙසත් හෙතෙම ඉල්ලා සිටිනවා.