hit counter

2025 අගෝස්‍තු මස 26 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:13



වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ වත්මන් රජය යටතේ ගෙන්වූ ඉමියුනොග්ලොබියුලින් ඖෂධය හේතුවෙන් රෝගීන් තිදෙනකු මියගිය බවට කරුණු අනාවරණය වී ඇති බැවින්, ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.

එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හා ජනමාධ්‍ය ඔස්සේ කරුණු වාර්තාකර ඇති බැවින්, පරීක්ෂණ අවසන් වනතුරු එම ඖෂධ කාණ්ඩය භාවිතා කිරීම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබාදෙන ලෙසයි.

මීට පෙර ද මෙරටට ගෙන්වූ ප්‍රශ්නගත ඉමියුනොග්ලොබියුලින් ඖෂධය හේතුවෙන් රෝගී ජීවිත විනාශවීම සහ බාල ඖෂධ සම්බන්ධව සමාජය තුළ කතාබහක් ඇතිවීම, විවිධ ඖෂධ සමාගම් මගින් ගෙන්වන මෙම ඖෂධය මගින් මෙසේ සංකූලතා මතුවීම සම්බන්ධව ජනතාව තුළ අවිශ්වාසයක් ඇතිවී තිබෙන බැවින් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙසද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සිය පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: