hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 12, පෙ.ව. 12:02



අඩු මිලට භාණ්ඩ මෙරටට ආනයන කර වැඩි මිලට අලෙවි කරන හෝ තිබෙන භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීමට මිල නියම කරන දැවැන්ත මාෆියාවක් මේ රටේ ක්‍රියාත්මක වන බව වෙ‍ළඳ සහ පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් සදහන් කරයි.

රජය විසින් එම තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් එම කාර්යයේදී සමුපකාර සමිතිවලට වැඩි වගකීමක් පැවරෙන බවද රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් සදහන් කරයි.

මිලියන 03ක පමණ සාමාජිකයින්ගෙන් යුත් සමුපකාර ජාලය හරහා නිෂ්පාදන බෙදාහරින අතර තුර සෘජුවම භාණ්ඩ ආනයනය කර අඩු මිලට ජනතාවට අලෙවි කිරීමට හැකියාව තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මේ බව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: