hit counter

2025 මාර්තු මස 31 වන සඳුදා

2025 මාර්තු 28, පෙ.ව. 12:09



වහළය මත ඉදිරි කරන ‘සෝලා’ පද්ධති වෙනුවෙන් කරන ගෙවීම් මුදල අඩු කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය හිතකර නොවන බව හිටපු විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ, මෙම තීරණයත් සමඟ ලබන වසර වන විට විශාල බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවයි.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියා.

කිලෝවොට් 500 සිට මෙගාවොට් එක දක්වා සමාගම්වලට විදුලි ඒකකයකට ගෙවන මුදල සියයට එකක් හෝ දෙකක් අඩු කළ ආණ්ඩුව සාමාන්‍ය  පාරිභෝගිකයන්ගේ ගෙවිම් 15% කට වඩා වැඩි ප්‍රතිශතයකින් අඩු කර ඒකකයක ගෙවීම රුපියල් 19 ක් දක්වා අඩුකර ඇති බවද හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා පසුගිය ආණ්ඩුව වහළය මත ‘සෝලා’ පද්ධතිවල විදුලි ඒකකයක් සඳහා රුපියල් 27 ක මුදල් ගෙවූ බවත් එම ගෙවීමත් සමඟ ජනතාව තුළ වහළය මත ‘සෝලා’ පද්ධති සවිකිරීමේ දැඩි උනන්දුවක් ඇතිවූ බවත් ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

ජනතාව බැංකු ණයක් ගෙන හෝ තමන් ඉතිරිකරගත් මුදල් යොදා  කිලෝවොට් 20 දක්වා ‘සෝලා’ සවිකළ බව කී ඒ මහතා එම පද්ධතිය සවිකර උනන්දුව වසර හතර පහක් ගතවූ පසු පවුලේ ආර්ථිකයට සහයෝගයක් වන්නේ යැයි ජනතාව බලාපොරොත්තු වූ බවද ඔහු සඳහන් කළා.

කුඩා සූර්ය බලගාර වහළය මත ඉදිකිරීම ජනතාව අතර ප්‍රචලිත කිරීමෙන්  මෙරට විදේශ විනියම එසේත් නැත්නම් ඩොලර් ඉතිරිකරගැනීම පසුගිය ආණ්ඩුව බලාපොරොත්තු වූ බවත් කාංචන විජේසේකර මහතා 2022 වසරේ විදුලිබල අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව 2024 වන විට මොගාවොට් හාරපන්සියක් දක්වා විදුලි නිෂ්පාදනය ඉහළ ගිය බවයි ඒ මහතා පවසන්නේ.

වර්තමාන විදුලිබල අමාත්‍යවරයා කළ යුත්තේ හිටපු ඇමතිවරයා පාවිච්චි කළ වාහනය සහ නිවාස වැනි දේවල් පිළිබඳව සෙවීම් පසක තබා එම ඇමතිවරු කළ හොඳ සේවල් ඉදිරියට ගෙන යෑම බවත් වෙනත් දේවල් පසුව සොයන ලෙස ඉල්ලා සිටින බවත් ඉන්දික අනුරුද්ධ මහතා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: