2024 අගෝස්‍තු 28, පෙ.ව. 12:08
හතිය රෝගයට ලබාදෙන ‘ඉන්හේලර්’ (උරන බෙහෙත්) වර්ග රජයේ රෝහල් තුළ නොමැති වීමෙන් රෝගී ජීවිත බරපතළ අවදානමකට ලක්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
මෙම තත්ත්වය හේතුවෙන් රෝගී කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් ද අසරණ වී ඇතත් බලධාරීන් නිසි අවධානය යොමු නොකිරීමෙන් මෙරට නිදහස් සෞඛ්‍යය අවදානමට ලක්ව ඇතැයි එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා පවසයි.
ඖෂධ සැපයුම් ජාලය නිවැරදිව පවත්වාගෙන යෑමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත්වීම හේතුවෙන් නවීන වෛද්‍ය පර්යේෂණ හා පහසුකම් මෙරට රෝගීන්ට ලබාගැනීමට නොහැකි වී ඇති බවත් ඖෂධ හා රසායනාගාර සේවා සඳහා විශාල මුදලක් වැය කිරීමට ජනතාවට සිදුව ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.
මීට අමතරව සී.ටී. සහ එම්.ආර්.අයි. යන්ත්‍ර පහසුකම් පවා ප්‍රධාන රෝහල්වල මෙන්ම දුර බැහැර රෝහල්වලත් නොමැති වීමෙන් එම වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීමට ද විශාල මුදලක් වැය කිරීමට දුප්පත් රෝගීන්ට නොහැකි වීමෙන් ජීවිත අවදානම තවදුරටත් ඉහළ යමින් ඇතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පවසයි.
2025 මැයි 18, පෙ.ව. 12:24
2025 මැයි 18, පෙ.ව. 12:12
2025 මැයි 18, පෙ.ව. 12:12
2025 මැයි 18, පෙ.ව. 12:09
2025 මැයි 18, පෙ.ව. 12:08