2025 අප්‍රේල් 24, ප.ව. 1:31
ශ්‍රී ලාංකික නළුවෙකු සහ යූටියුබ්කරුවකු වන සුදත්ත තිලකසිරි විසින් සංගීතඥ ඉරාජ් වීරරත්නට, අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් සහ සිය කීර්තිනාමයට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 50 ක වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.
නීතිඥ ප්‍රවීන සේනාධීර හරහා නිකුත් කරන ලද මෙම එන්තරවාසියේ, 2025 පෙබරවාරි 23 වන දින “ඉරාජ් ෂෝ” යූටියුබ් නාලිකාවේ විකාශය වූ සජීවී විකාශනයක, ලිංගික අපකීර්තියක් සම්බන්ධයෙන් තිලකසිරි, ඔහුගේ කලත්‍රයා සහ වෙනත් අය පිළිබඳව අසත්‍ය සහ අසභ්‍ය ප්‍රකාශ ඇතුළත් කර ඇති බවට චෝදනා කරයි.
එහි අන්තර්ගතය ඔස්සේ හිතාමතාම තමාට අවමන් කිරීමට අදහස් කර ඇති බවත්, සිය පෞද්ගලික සහ වෘත්තීය කීර්තිනාමයට දැඩි ලෙස හානිකරමින් දැවැන්ත මහජන විරෝධයක් ඇති කර ඇති බවත් එහි සඳහන් වේ.
විකාශනයේ ප්‍රවර්ධන ට්‍රේලරය වැඩිහිටි අන්තර්ගත තේමාවන් භාවිත කරමින් තිලකසිරිට සමච්චල් කර ඇති බවත්, රජය වෙනුවෙන් ‘රෙදි සෝදන යන්ත්‍රයක්’ ලෙස නිරූපණය කර ඇති බවත් ලිපියේ තවදුරටත් සඳහන් වේ.
විකාශනයෙන් පසු සිය කලත්‍රයා මානසිකව කම්පනයට පත් වූ බවත්, වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වූ බවත් එහි සඳහන් වේ.
තිලකසිරි ඉල්ලා සිටින්නේ අදාළ සියලුම අන්තර්ගතයන් සමාජමාධ්‍ය වේදිකාවලින් ඉවත්කරන ලෙසත්, කීර්තිනාමයට සිදු වූ හානිය සඳහා වන්දි ගෙවන ලෙසත්ය.
2025 අප්‍රේල් 24, ප.ව. 4:37
2025 අප්‍රේල් 24, ප.ව. 3:41
2025 අප්‍රේල් 24, ප.ව. 1:24
2025 අප්‍රේල් 24, ප.ව. 12:28
2025 අප්‍රේල් 24, ප.ව. 12:18
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25