hit counter

2025 මැයි මස 19 වන සඳුදා

2024 මැයි 31, පෙ.ව. 12:03



ඉන්දීය පොලීසිය විසින් පවසන්නේ පසුගියදා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති ISIS ත්‍රස්තවාදීන් බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා මෙරටින් පිටව යාමට පෙර මාලිගාවත්ත ප්‍රදේශයේ රහසිගත ස්ථානයක දී දිවුරුම් දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි.

එය පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන් දුන් දිවුරුම හා සමාන බව ආරක්ෂක අංශ පවසයි.

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන්ගේ ජංගම දුරකථනවල තිබී දිවුරුම් දෙන අවස්ථාවේදී ලබාගත් ඡායාරූප කිහිපයක් ඉන්දීය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඉන්දීය ආරක්ෂක අංශ විසින් එම ඡායාරූප ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට කටයුතු කර ඇති බව පැවසේ.

මේ අතර, මෙම ත්‍රස්තවාදීන් බවට සැක කෙරෙන පුද්ගලයින් දිවුරුම් දුන් මාලිගාවත්ත ප්‍රදේශයේ ස්ථානය රජයේ රස පරීක්ෂක විසින් පරීක්ෂාවට ලක් කළ අතර දිවුරුම් දීමේදී යොදාගත් ආගමික ග්‍රන්ථ ඇතුළත් බැනරයක්ද එම ස්ථානයේ සවිකර තිබී ඇති බව අණාවරනය වී ඇත.

දිවුරුම් දීමෙන් පසු ත්‍රස්තවාදීන් අදාළ බැනරය පුළුස්සා ඇති බවද ආරක්ෂක අංශ විසින් තහවු කරගෙන ඇති අතර එම පිළිස්සී ඇති බැනරයේ කොටස් රජයේ පරීක්ෂකවරයාගේ භාරයට ගෙන ඇති බවයි ආරක්ෂක අංශ පැවසීය.

ආරක්ෂක අංශ හෙළිකළ තොරතුරුවලට අනුව මෙම ත්‍රස්තවාදීන් දින දෙකක් තුළ දෙවරක් දිවුරුම් දී ඇති අතර දින දෙකේදීම ලබාගත් ඡායාරූපද සොයාගෙන ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: