2022 මැයි 16, ප.ව. 2:58
එලඹෙන මැයි 18 වනදාට යෙදී ඇති 13 වන යුද සැමරුම වෙනුවෙන් මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් සැමරුමට සමගාමීව උතුරු පලාතේ ස්ථාන රැසක යුද්දයෙන් මිය ගිය අය සිහිකිරීමේ සතිය වෙනුවෙන් සැමරුම් අවස්ථා සංවිධානය කොට තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
පසුගිය 12 වනදා සිට 18 වනදා දක්වා යුද්දයෙන් මිය ගිය අය සිහිපත් කිරීම වෙනුවෙන් ජනසංහාර සතිය ලෙසින් නම් කොට තිබූ අතර යාපනය විශ්වවිද්‍යාලය ඇතුලු උතුරේ ස්ථාන කිහිපයක විවධාකාරයෙන් යුද සැමරුම් පැවත්වූ බව වාර්තා වෙනවා.
මේ අතර දෙමළ ජාතික ජනතා පෙරමුණ පක්ෂ ක්‍රියාකාරීන් විසින් ජනසංහාර සතියට සමගාමීව යුද්දයේදී මිය ගිය වැසියන් සිහිපත් කිරීමේ විශේෂ වූ ස්මාරකයක් සහිත රථයක් සූදානම් කොට උතුරු පලාත පුරා මේ දින වල සංචාරය කෙරෙන අතර එහි දෙමළ ජනතාවට සිදුවූ අපරාධයන්ට යුක්තිය ඉටුකරනු, ජාත්‍යන්තර අධිකරණය ක්‍රියාත්මක කරනු ආදිය සඳහන් කරමින් ඇති මෙම විශේෂ රථය මැයි 18 වනදාට මුල්ලිවයික්කාල් යුදසැමරුම් ස්ථානයට ලඟවීමට නියමිතව තිබෙනවා.
මේ අතර මුල්ලිවයික්කාල් යුද සැමරුම වෙනුවෙන් මැයි 18 වනදාට සියලු දෙනාට මුල්ලිවයික්කාල් භූමියට රැස්වන ලෙසටද දෙමල ජාතික සංස්කෘති සභාව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
2025 අප්‍රේල් 19, ප.ව. 12:09
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:24
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:07