2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:10
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිසිදු සමාවකින් තොරව එල්ලා මැරිය යුතු බවත්, ඔවුන් විනාශ කරන්නේ රටේ අනාගත පරපුර සහ සමස්ත ජාතියක් බවත් බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා දැඩිව අවධාරණය කළේය.
ඒ මහතා මෙම ප්‍රකාශය සිදු කළේ, තරුණ පරපුර මත් උවදුරෙන් මුදවා ගැනීමේ අරමුණින් තමන් විසින්ම මෙහෙයවනු ලබන “නොයා යුතු තැන” දේශන මාලාවේ 435 වන වැඩසටහනට එක්වෙමිනි.
මෙහිදී සිසුන් අමතමින් අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස්වරයා, මෙරට බන්ධනාගාර පද්ධතිය මුහුණ දී ඇති බරපතල තත්ත්වය සංඛ්‍යා ලේඛන සහිතව පෙන්වා දුන්නේය.
“ශ්‍රී ලංකාවේ බන්ධනාගාර 36ක රඳවා තැබිය හැකි උපරිම ප්‍රමාණය 10,500ක් වුවත්, අද වන විට 36,000කට අධික පිරිසක් එහි රඳවා සිටිනවා. කණගාටුවට කරුණ නම්, ඉන් 65%ක්ම මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වැරදි සඳහා පැමිණි අය වීමයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් බහුතරය සිංහල බෞද්ධ දරුවන්. මේ විනාශය දකිද්දී, බන්ධනාගාරයේ තාප්පවලින් එළියට ඇවිත් සමාජය, විශේෂයෙන්ම පාසල් දරුවන් දැනුවත් කළ යුතුයි කියලා මට හිතුණා. රටක අනාගතය රැඳී ඇත්තේ ඔබ මතයි. ඔබ නිවැරදි මාවතේ ගියොත් රට හැදෙයි, නැත්නම් රටම විනාශ වෙයි,” ජගත් වීරසිංහ මහතා සඳහන් කළේය.
වර්තමානයේ සමාජයේ කතාබහට ලක්වන ඇතැම් මත්ද්‍රව්‍යවල ඇති භයානකකම පිළිබඳව ද ඔහු අනතුරු ඇඟවීය. “මේවා හුදෙක් මත්ද්‍රව්‍ය පමණක් නොවෙයි, විනාශකාරී රසායනික ද්‍රව්‍ය එකතුවක්. මේවා භාවිත කළොත් වසර දෙකක් යන්නට මත්තෙන් ශරීරය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. මේ ජාවාරම්කරුවන් විනාශ කරන්නේ ජාතියක්. ඒ නිසා මම නැවතත් කියනවා, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හිමිවිය යුතු දඬුවම මරණයයි,” යනුවෙන් ඔහු අවධාරණය කළේය.
මෑතකදී දකුණු පළාතෙන් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය හමුවීමත් සමඟ බන්ධනාගාර ගතවන පිරිස 40,000 දක්වා ඉහළ යා හැකි බවත්, එවන් තත්ත්වයක් තුළ සිර කුටිවල වාඩිවීමටවත් ඉඩක් නොමැති අතිශය දුක්ඛිත තත්ත්වයක් උදාවන බවත් පෙන්වා දුන් කොමසාරිස්වරයා, “බන්ධනාගාරය” යනු කිසිම දිනක නොයා යුතුම තැනක් බව සියලු දෙනා සිහියේ තබාගත යුතු බවට ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට සමගාමීව, මනෝවිද්‍යා උපදේශක මහාචාර්ය ප්‍රියංගනී රාජපක්ෂ මහත්මිය විසින් යහපත් මානසික සංවර්ධනයක් පවත්වා ගැනීම පිළිබඳව දේශනයක් පැවැත්වූවාය.
ගම්පොළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා, නාවලපිටිය පොලිස් ස්ථානාධිපති හරේන්ද්‍ර කළුගම්පිටිය, නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:05
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25