hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2022 ජූලි 05, ප.ව. 6:21



ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් රියෙහි හැපුණු අලියා සම්බන්ධයෙන් සොයා බැලීමට වනජීවී දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් තුනක් යොමු කර ඇතැයි කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින්.

එම අනතුර සිදුවූ ප්‍රදේශය අවටින් මෙතෙක් තුවාල ලැබූ අලියකු පිළිබඳ වාර්තා වී නොමැති බවත්, එබැවින් අදාළ අලියා සුවයෙන් ඇතැයි අපේක්‍ෂා කරන බවත් ඇමතිවරයා සඳහන් කළා.

එම අනතුරට මුහුණ පෑ අලියා ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍යවල පළවන්නේ ඉන්දියාවේ දුම්රියක හැපුණු අලියකුගේ ඡායාරූප බව ද ඇමති මහින්ද අමරවීර මහතා පවසා සිටියා.