hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජනවාරි 07, ප.ව. 4:31



දළදා වහන්සේ වැඩ වාසය කරන්නේ දළදා මාලිගාවේ යයි තමන් පිළිගන්නා බව කුරුණෑගල ජානක සේනාධිපති නම් පුද්ගලයා සඳහන් කරනවා.

ඇතිවී තිබෙන තත්වය හා එල්ල වන චෝදනා ගැන මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියා.

කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ තම ප්‍රධානත්වයෙන් ව්‍යාජ දලදා මාලිගාවක් ඉදි කරන බවට මහ නායක හිමිවරුන් විසින් එල්ල කරන චෝදනාව නිවැරදි නොවන බවත් ඔහු පැවසුවා.

එහි ඉදිකරන්නේ දළදා මාලිගාවක් හෝ එහි අනුරුවක් නොව ගෞතම බුද්ධ මන්දිරයක් බවත් එහි නාථ දේවාලයක්ද පවතින බවත් හෙතෙම කියා සිටියා.