hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2023 මැයි 10, ප.ව. 5:27



බෝසත් ජානක නමින් පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් පවත්වාගෙන යන ජානක සේනාධිපති නම් පුද්ගලයා පිළිකා රෝගියෙකු පිරිත් බලයෙන් සුව කරන බව පවසමින් ප්‍රතිකාර කරමින් සිටියදී මියගොස් ඇතැයි ඔහුගේ පුත්‍රයා විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

පැමිණිලිකරු සඳහන් කරන්නේ පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි තම පියා පිරිත් බලයෙන් සුවපත් කරන බව පවසන මෙම බෝසත් ජානක ගේ පොතුහැර ‍ප‍්‍රතිකාර මධ්‍යස්ථානයකට ගෙන ගියද අවසානයේදී එම ප්‍රතිකාර හේතුවෙන්ම පියා මියගිය බවයි.

සේනාධිපති නමැත්තාගේ ප්‍රතිකාරවලින් රෝගී තත්ත්වය උත්සන්න වීම මත කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පියා මියගොස් ඇති බවද ජානක සේනාධිපති නමැත්තාගෙන් නොසැලකිලිමත්කම හේතුවෙන් පියා මිය බව ද ඔහු චෝදනා කරනවා.