2023 මැයි 19, පෙ.ව. 1:22
ජූලි මස 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට තුනක විදුලි ගාස්තු අඩුකිරීමක් සඳහා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව පිළිගත නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
එහි සභාපති ජනක රත්නායක මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා.
“අපිට එවලා තියෙන දත්ත අනුව සී බී ආයතනය පිළිගන්නවා මේ අවුරුද්දේ සම්පූර්ණ විදුලි ඉල්ලුම ඒකක සාමාන්‍යයෙන් ගිගාවොට් අවර්ස් දෙසිය පනහක අඩුවීමක් තියෙනවා. ඉල්ලුම අඩු වෙනකොට ඒකට යන පිරිවැය අපි ගණනය කරලා තියෙනවා. සාමාන්‍යයෙන් බිලියන එකසිය හතක්. දැන් මේ දාලා තියෙන මේ ප්‍රපෝසල් එකේ එයාලා දෙන්න ඕනේ විකුණුම් පුරෝකථනයක්. මේ යෝජනාවේ විකුණුම් පුරෝකථනයක් නැහැ. මේ යෝජනාවේ බෙදා හැරීමේ වියදමක් නැහැ. බෙදාහැරීමේ වියදමක් තියෙනවා ඒක ඒක දීලත් නෑ. ඊට අමතරව මේකට මේ සම්පූර්ණ ඔක්කොම යන වියදම දීලත් නැහැ. මේක තනිකර මහජනතාව, පාර්ලිමේන්තුව, කැබිනට් සියලු දෙනාම මුලා කරලා තමයි මේක කරන්නේ. දැන් ලබන අවුරුද්දේ ඒක වැඩි කරනවා නම් එහෙම කමිෂන් මුකුත් නැහැ. කොමිසමේ නැහැ. විරුද්ධ වෙන්න කෙනෙක් නැහැ. ඇමතිවරයා ගහයි ටුවිටර් එකක් හෙට සිට විදුලි බිල සියයට වැඩි කරනු ලැබේ. මේ Twitter ඇමති දැනගන්න ඕන මොලේ නැත්නම් මොළේ තියෙන මිනිස්සුන්ගෙන් වැඩ ගන්න. මම විරුද්ධයි. මං මේකට විරුද්ධයි. මේ මේ වගේ මෝඩ විදිහට එක දෙනවට විරුද්ධ වෙන්නැතුව මොලේ තියෙනකොට මේක කැමති වෙන්න බෑනේ. මහජන නියෝජිතයන් වශයෙන් පත්වුණු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු. මාව අයින් කරන්න අත උස්සනවා නම් ලබන විසි හතර වෙනිදා එතුමන්ලා කරන්නේ ඉතිහාසගත වැරැද්දක්. මාව අයින් කරා කියලා මගේ කට වහන්න හිතනවා නං කවුරුහරි මෝඩ පිරිසක් ඒක වෙන්නේ නෑ.”
2025 නොවැම්බර් 05, ප.ව. 4:37
2025 නොවැම්බර් 05, පෙ.ව. 11:44
2025 නොවැම්බර් 05, පෙ.ව. 12:17
2025 නොවැම්බර් 05, පෙ.ව. 12:15
2025 නොවැම්බර් 05, පෙ.ව. 12:13