2023 ජූනි 14, ප.ව. 2:49
භෞතික සම්පත් සමග ම මානව සම්පත ද සම්පූර්ණ කරමින් පාසල් පද්ධතිය සංවර්ධනය කළ යුතු බවත් ඒ අනුව විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට මේ මස 16 වැනිදා නව පත්වීම් ලබා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
විද්‍යාව, ගණිතය, තාක්ෂණය, භාෂාව, භූගෝලය හා වාණිජ වැනි විෂයන්ට අදාළ ව භාෂා මාධ්‍ය තුනෙන් ම උපාධිධාරී ගුරුවරුන් 5500ක්, වයස 35 නොයික්මවූ උපාධිධාරීන් අතරින් නුදුරේදී ම බඳවාගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති රැස්වීමට සහභාගි වෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.
අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ භෞතික හා මානව සම්පත් සම්පූර්ණ කිරීමෙන් පමණක් අධ්‍යාපනය සංවර්ධනය කළ නොහැකි බවත් ඒ සඳහා සිසුන්ගේ විනයගරුකභාවය අත්‍යවශ්‍ය වන බවත්ය.
එමෙන් ම සමාජය තුළ පවතින මත්ද්‍රව්‍ය වැනි වෙනත් විෂමාචාර හා අයෝග්‍ය හැසිරීම්, පාසල් තුළට ප්‍රවේශ වීමේ සියලු අවකාශ ඇහිරිය යුතු බවත් නව පරපුර අතර ඇති විනය විරෝධී හැසිරීම්, විශේෂයෙන් පිරිවෙන් අධ්‍යාපනය වැනි ආගමික නැඹුරුවක් සහිත ආකල්පමය හා අවබෝධාත්මක වෙනසක් හරහා වෙනස් කළ යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
පාසල් පරිපාලනය සඳහා විදුහල්පතිවරයාට නිදහස තිබිය යුතු බවත් පාසල් සංවර්ධන සමිති හා ආදිශිෂ්‍ය සංගම් ඒ සඳහා අනිසි ලෙස මැදිහත්වීම නුසුදුසු වන අතර තමා එවැනි දෑ කිසිසේත් අනුමත නොකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06