hit counter

2025 ඔක්‍තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:03



මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික තත්ත්වය හමුවේ බොහෝ දෙනා විදෙස්ගත වීමට අපේක්‍ෂා කරයි. නමුත් එලෙස විදෙස්ගත වීමට බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන විදේශ රැකියා අවස්ථා සම්බන්ධයෙන් සිදුවන මූල්‍ය වංචා සිද්ධි පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබෙන පැමිණිලි ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතී.

ඒ අනුව රැකියා පිළිබඳව එලෙස පළ වෙන දැන්වීම්වලින් බහුතරයක් ව්‍යාජ වන අතර ඒවාට කාර්යාංශයෙන් අනුමැතිය ලැබී නොමැති බව විමර්ශනවලින් මේ වන විට හෙළිවී තිබේ.

එබැවින්, විදේශ රැකියා සොයන පුද්ගලයන්ගෙන් කිසිදු ගෙවීමක් කිරීමට හෝ ගමන් බලපත්‍ර (Travel Documents) භාර දීමට පෙර, එම රැකියා අවස්ථා ලබා දෙන ආයතනය කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් සහිතව නීත්‍යානුකූලව ලියාපදිංචි වී ඇත්ද යන්නත්, අදාළ රැකියා අවස්ථාව කාර්යාංශය විසින් නිල වශයෙන් අනුමත කර ඇත්ද යන්නත් සත්‍යාපනය කර ගන්නා ලෙස කාර්යාංශය ඉල්ලා සිටියි.

තවද වංචනික ආයතන හෝ පුද්ගලයන් පිළිබඳව යම් තොරතුරක් ඇත්නම්, එම තොරතුරු 0112882228 යන අංකය ඔස්සේ හෝ 1989 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයට වාර්තා කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: