2025 ජූලි 15, පෙ.ව. 12:15
ජනතා බලය මුළු ලෝකයේම ශක්තිමත් බලය බව ආණ්ඩුවට මතක් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
“හිරගෙවල් පුරවලා සදාකල් බලයේ සිටීමට ආණ්ඩුව සිතන්නේ නම් ඒක විහිළුවක්. නඩු දැමීම අලුත් දෙයක් නෙවෙයි. 2015-2019 කාලයේ එය හොඳින් අත් වින්දා. හිරගෙවල් පිරෙව්වා කියලා ප්‍රශ්න යට ගහන්න බැහැ. ජනතාව දැන් දන්නවා වැඩ කරන්න බැරි නිසයි මේ වගේ දේවල් කරන්නේ කියලා. ආණ්ඩුව කරන්නේ ගැලරිය චූන් කරන වැඩක් කියන එක ජනතාව අවබෝධ කර ගනිමින් ඉන්නවා. ඒකයි මැතිවරණයක් ඉවර වෙලා මාස ගානක් යද්දි ජනතාව ආණ්ඩුවට මතක හිටින පාඩමක් ඉගැන්නුවේ.
රටට විශාල සේවයක් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේදි පරාජයට පත් වුණා. ඔහු සිටිය නම් රට මේ ආකාරයට වැටීමක් සිදුවන්නේ නැහැ. 2015 වසරේ දි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පරාජය මේ රටට වැදුණු හෙණයක්.
වත්මන් ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදයක් නැහැ. බලය වෙනුවෙන් නීතිය නවා ඕනෑම තීන්දුවක් ගැනීට සූදානම්. අපි පක්ෂයක් විදියට ඒකට ඉඩ තියන්නේ නැහැ. අපි ජනතාවත් එක්ක හැමදාම හිටපු පක්ෂයක්. අපට ඒකයි කිසිම බියක් නැතිව ජනතාව ළඟට යන්න පුළුවන්.
ජනතාව දැන් සැබෑ තත්ත්වය තේරුම් ගෙනයි ඉන්නේ. මම හිතන්නේ නැහැ තව තවත් බොරුවලට රැවටෙයි කියලා. එහෙම රැවටෙන්න අපි ඉඩ තියන්නෙත් නැහැ.”
කුරුණෑගල පැවැති ජනහමුවක් අමතමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව කීවේය.
2025 ජූලි 15, පෙ.ව. 12:21
2025 ජූලි 15, පෙ.ව. 12:09
2025 ජූලි 15, පෙ.ව. 12:08
2025 ජූලි 15, පෙ.ව. 12:07
2025 ජූලි 15, පෙ.ව. 12:04
15-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
13-07-25
13-07-25
13-07-25
13-07-25
13-07-25
13-07-25