2024 මාර්තු 02, ප.ව. 5:04
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ඊයේ (01) පැවැත්වීමට සැලසුම් කර තිබූ පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ 10 ශ්‍රේණිය හා 11 ශ්‍රේණිවල විද්‍යාව ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ හෝමාගම, මොරටුව, ගම්පහ යන ප්‍රදේශවලින් මෙම ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ ජෝසප් ස්ටාලින් මහතා,
“මීට පෙර කෘෂි විද්‍යාව පේපර් එක පිට වුණා. දැන් බස්නාහිර පළාතේ විද්‍යාව 10, 11, ශ්‍රේණිවල පේපර් පිටවෙලා. මේ වැඩවලින් වෙන්නේ ළමයින්ගේ මානසික මට්ටම බිඳ වැටෙන එකයි. දැන් මේ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය බර වියදමක් දරලයි පේපර් ටික ගහන්නේ. දරුවන්ගේ 3 වැනි වාර විභාගය මේ. වාර විභාගය තියලා ඒ විභාග පේපර් එක පිට වෙනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේකෙන් වෙන්නේ ළමයින්ගේ මානසික මට්ටම බිඳ වැටෙන එකයි.”
මේ අතර, මෙම ප්‍රශ්න පත්‍ර පිට වීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකරන ලෙසට තමන් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ නිමල් ජයවීර මහතාට උපදෙස් ලබාදුන් බව බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා පවසනවා.
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ඊයේ (01) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් පසුගියදා (29) රාත්‍රියේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට තොරතුරු වාර්තා වුණා.
මේ සම්බන්ධයෙන් ගුරුවරුන් පිරිසක් ඊයේ (01) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.
2023 වසර සඳහා වන වර්ෂ අවසාන ඇගයීම් විභාග මේ දිනවල බස්නාහිර පළාතේ පාසල් සිසුන් සඳහා පැවැත්වෙනවා.
ඒ අනුව, 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් සඳහා විද්‍යාව විෂය සඳහා වන විභාගය ඊයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණා.
කෙසේවෙතත්, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන 10 ශ්‍රේණියේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය සහ 11 ශ්‍රේණියට අදාළ විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය පෙර දින රාත්‍රී 7ත් 8ත් අතර කාලයේදී සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට තොරතුරු වාර්තා වුණා.
ඒ හෝමාගම, මොරටුව සහ ගම්පහ ප්‍රදේශවලිනි.
එමෙන්ම ඊයේ (01) සිසුන්ට ලැබී ඇත්තේ ද පසුගියදා රාත්‍රියේ මෙලෙස සමාජ මාධ්‍යයේ හුවමාරු වූ ප්‍රශ්න පත්‍රම බවද වාර්තා වුණා.
2025 මැයි 12, පෙ.ව. 12:14
2025 මැයි 12, පෙ.ව. 12:13
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:06