hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 22, ප.ව. 5:45



ටිරාන් අලස් ඇමැතිවරයාගේ චන්ඩිපාට්වලට කතෝලික සභාව බිය නොවන බව කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.

සිරිල් ගාමිණී පියතුමා මුහුණ දුන් රිය අනතුර අවස්ථාවේ පොලිසියට කාදිනල්තුමා බලපෑම් කළ බවට සිදුකළ ප්‍රකාශය පට්ටපල් බොරුවක් බව ද හෙතෙම සඳහන් කරයි.

එවැනි බලපෑමක් සිදුකර ඇත්නම් එය ඔප්පු කරන ලෙස ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා, පසුගිය සමයේ කතෝලික පල්ලියට සහ කාදිනල්තුමාට පහර දීමට ඇමැති ටිරාන් අලස් දිගින් දිගට ම කටයුතු කළ බවට ද චෝදනා කළා.