hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2023 පෙබරවාරි 10, ප.ව. 3:24



මන්ද මානසික තරුණියක දූෂණය කළ අතුරලිය ප්‍රාදේශීය සභාවට මාලිමාවෙන් තරග කරන අපේක්ෂකයකුව අකුරැස්ස පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අකුරැස්ස පෝරතොට උලහැටිගොඩවත්තේ පදිංචිව සිටින 18 හැවිරිදි තරුණියක්ව මෙසේ මෙම අපේක්ෂකයා විසින් දූෂණය කර ඇති බව පොලීසිය කියයි.

2022 වසරේ සැත්තැම්බර් මාසයේ දිනක මෙම අපරාධය එම තරුණියට සිදුව ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බවද පොලීසිය පවසනවා.

මෙම තරුණිය පසුගිය ජනවාරි 23 වෙනිදා ද එම ප්‍රදේශයේ තරුණයකු විසින් පෝරතොට කිතුල්ලියද්ද වලව්වට රැගෙන ගොස් දූෂණය කිරීමක් ගැන පොලීසියට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී ප්‍රාදේශීය සභා අපේක්ෂකයාගෙන් ඇයට සිදුවී ඇති අපරාධය ගැන තොරතුරු හෙළිවූ බව පොලීසිය සඳහන් කළා.

මුලින්ම එම තරුණිය මෙම අපරාධය ගැන පවසා ඇත්තේ වැඩිහිටියන්ට බවත් ඒ අය සමඟ පැමිණ පොලීසියට පැමිණිලි කළ බවත් පොලීසිය කියයි.

පසුගිය ජනවාරි 23 වෙනිදා ඇයට මෙම අපරාධය කළ දිල්ෂාන් නමැති සැකකරු පළාගොස් සැඟව සිටින බවත් ඒ.ජී. ජයන්ත නමැති 47 හැවිරිදි මාලිමාවේ අපේක්ෂකයාව අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

ඔහුව මොරවක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ‍මේ මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව අකුරැස්ස පොලීසිය සඳහන් කළා.