hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2023 පෙබරවාරි 24, පෙ.ව. 4:05



එක්දරු මවකට පහරදුන් බවට සැකපිට ඊයේ (23) පස්වරුවේ කළුතර නගර සභා අපේක්ෂකයකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසනවා.

සැකකරු කළුතර නගර සභාවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් දේශාස්ත්‍ර තොටුපළ  කොට්ඨාසයෙන් තරගවැදීම සදහා නාමයෝජනා භාරදී ඇති  බවටද තොරතුරු ලැබී ඇතැයි  පොලිසිය සඳහන් කළා.

කළුතර උතුර කාන්තාවක විසින් කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියා සිටියා.

පැමිණිලිකාරිය  සහ සැකකරු යන දෙදෙනාම අසල්වාසියන් වන බවත්, කලක පටන් පවතින ආරවුලක් බහින්බස් වීමක් දක්වා දුරදිග ගිය යාමෙන් පසු පහරදීම සිදුකර ඇති බවට පැමිණිල්ලේ සදහන්ව ඇතැයිද පොලිසිය සදහන් කරනවා.

කාන්තාව හඩමින් පොලිසිය පැමිණ කල පැමිණිල්ලට අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.