2023 මාර්තු 02, පෙ.ව. 11:44
ජාතික ජන බලවේගයේ කොළඹ පැවති විරෝධතාව අතරතුර මියගිය එම පක්ෂ අපේක්ෂකයාගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ නිවිතිගලදී සිදු කෙරුණා.
අවසන් කටයුතු සිදුකෙරුණු අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියා.
දේහය ඊයේ දිනයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් වීමෙන් අනතුරුව පවුලේ ඥාතීන්ට භාර දීමෙන් පසු මහජන ගෞරවය සදහා නිවිතිගල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරුණා.
අද දෙරණ වාර්තාකරු සදහන් කළේ ඒ අනුව අද පස්වරුවේ ආගමික වතාවත්වලින් අනතුරුව අවසන් කටයුතු නිවිතිගල නොරගල්ල සුසාන භුමියේදී සිදුකෙරුනු බවයි.
පසුගිය ඉරිදා කොළඹ පැවති ජාතික ජන බලවේගයේ විරෝධතාවයට එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු මෙම අපේක්ෂකයා එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සඳුදා ජීවිතක්ෂයට පත්වුණා.
2025 අප්‍රේල් 15, පෙ.ව. 12:31
2025 අප්‍රේල් 15, පෙ.ව. 12:23
2025 අප්‍රේල් 15, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 15, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 15, පෙ.ව. 12:11