hit counter

2025 මැයි මස 25 වන ඉරිදා

2024 නොවැම්‍බර් 19, පෙ.ව. 12:07



ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් සිදු වූ අඩුපාඩු ගැන ඉදිරියේදී අධ්‍යයනය කර ඒවා නිවැරැදි කර ගැනීමට පියවර ගන්නා බව එහි සභාපති කබීර් හෂීම් පවසයි.

අඩුපාඩු මඟහරවා ගෙන ජයග්‍රහණයේ ගමන නව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග ආරම්භ කරන බව ඒ මහතා සඳහන් කරයි.

එසේ ම, සාම්ප්‍රදායික විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට සමගි ජන බලවේගය සූදානම් නැති බව හෙතෙම කීවේය. සජබ සාම්ප්‍රදායික දේශපාලනයට අභියෝග කරන දේශපාලන ව්‍යාපාරයක් බව හෙතෙම කීවේය.

ජනතාව සමගි ජන බලවේගයේ දක්ෂ කණ්ඩායම හා ප්‍රතිපත්ති දෙස නොබලා දේශපාලන සංස්කෘතියට ඇති විරෝධය නිසා ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දී ඇති බව කබීර් හෂීම් කීවේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: