hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2025 මැයි 09, පෙ.ව. 12:08



ජනතාව මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේදී මොළය පාවිච්චි කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසනවා.

මොළය රැගෙන ඡන්ද පොළට යන ලෙස ප්‍රකාශ කළ කොට්ටහච්චි මන්ත්‍රීවරියටද එලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මොළය අරගෙන නොගිය කොටසක්ද සිටින බවත්, ඔවුන් ජාතික ප්ත බලවේගයටම ඡන්දය ලබාදී ඇති බවත්, ඔවුන්ද ඉදිරියේදී මොළය පාවිච්චි කරන විට මාලිමාවට දීම නතර කරනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: