hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 01, පෙ.ව. 8:21



කැබිතිගොල්ලෑව, රම්බකැටුවාව ප්‍රදේශයේ දී ගම්වාසීන්ගේ පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා අනුරාධපුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අංගම්පොඩිගේ සුනිල් නැමැති 54 හැවිරිදි දෙදරු පියෙක්.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට භික්ෂුවක් ඇතුළු පුද්ගලයන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී 7.20ට පමණ එම ප්‍රදේශයට වල් අලි පැමිණ තිබෙන බවට ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශය කරා ගිය අවස්ථාවේදී “ආ දැන්ද එන්නේ යැයි පවසමින්” ඒ සිටි ගම්වාසීන් පිරිසක් පොලිස් නිලධාරීන්ට පොලු මුගුරුවලින් පහර දී ඇති අතර එහිදී පොලිස් සැරයන්වරයා ට බරපතළ තුවාල සිදුවී තිබුණි.

තුවාල ලද පොලිස් සැරයන්වරයා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ගොස් තිබෙනවා.