hit counter

2025 සැප්‍තැම්‍බර් මස 01 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 01, ප.ව. 3:54



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක් විය.

මෙය ජනාධිපතිවරයා අතින් ආරම්භ විය.

මේ යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර සහ දකුණු පළාත්වල සිට පැමිණෙන ධීවර බෝට්ටු සඳහා පහසුකම් සැලසේ.

ඒ අනුව ජලය, විදුලිය, ඉන්ධන ආදී අත්‍යවශ්‍ය පහසුකම්, ශීතාගාර පහසුකම්, දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි ශාලා පහසුකම් සහ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම්ද සලසා දීමට සැලසුම් කර තිබේ.

මේ සඳහා රජය මේ වසරේ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 298ක් ය.

මෙහිදී කොච්චතිව් දූපත සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සිය අදහස් දැක්විය.

විශේෂයෙන්ම අපේ ධීවර ජනතාවට වැදගත් තැනක් තමා කච්චතිව් දූපත. අද විශාල සංවාදයක් කච්චතිව් දූපත කේන්ද්‍ර කරගෙන ගොඩ නැගී තිබෙනවා. මම හවසට එතැනට ගිහින් ඒ ධීවරයින් හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ භූමිය දුපතක් ද ? මහ මුහුද ද? අහස ද? ගොඩබිමද? ආරක්ෂා කිරීම මතු පරපුරට ආරක්ෂා කර ලබාදීම අපේ වගකීම. එය ඉටු කිරීමට අපි බැඳී සිටිනවා. අපේ මුහුද අපේ ජනතාව වෙනුවෙන්, අපේ ගොඩබිම අපේ ජනතාව වෙනුවෙන්, අපේ අහස අපේ ජනතාව වෙනුවෙන් කිසිදු බලපෑමකට යටත් නොවෙන බව ඔබට කියන්න කැමතියි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: