hit counter

2025 ඔක්‍තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:06



බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය බැකෝ සමන් රඳවාගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීම් අතරතුරදී, කජ්ජා ඝාතනයෙන් පසුව එහි වගකීම භාරගැනීමට තවත් අපරාධකරුවන් පිරිසක් සූදානමින් සිටියද දරු දෙදෙනාද එහිදී ඝාතනය වීමෙන් පසුව ඔවුන් එහි වගකීම භාරනොගත් බව පවසා ඇත.

සිය මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් හෙළිකිරීම හේතුවෙන් කජ්ජා ඝාතනය කළ බවත් තමාට එල්ල වන චෝදනා වලින් බේරීම සඳහා තමා කජ්ජාගේ බිරියගේ බැංකු ගිනුමකට රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් බැර කළ බවද සැකකරු එහිදී පවසා ඇත.

එමගින් කජ්ජාගේ පවුලේ උදවිය සමග සබඳතාවක් ඇති කරගැනීමට තමන් උත්සාහ කළ බවත් තමාට කජ්ජාගේ දරු දෙදෙනා ඝාතනය කිරීමට කිසිඳු උවමනාවක් නොවූ බවද සැකකරු එහිදී පවසා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: