2025 අප්‍රේල් 28, පෙ.ව. 12:24
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වර්ග අඩි ලක්ෂයක ජල ධාරිතාවකින් සමන්විත කලාවැව ජල කාන්දුවක් අවදානමකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.
පසුගිය වසරේ එම වේල්ල ආසන්නයේම කිසියම් පිරිසක් විසින් කැණීමක් ද සිදුකිරීම මෙම ජල කාන්දුවට හේතුවක් බව ප්‍රදේශවාසීහු පවසති.
කලාවැවෙහි මතුව ඇති සිදුර සම්බන්ධයෙන් අදහස් දැක්වූ කිරලව ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ විහාරාධිපති, උඳුරුව ඤානින්ද හිමියෝ මෙසේ කීහ.
“ධාතුසේන රජතුමා නිර්මාණය කරපු මේ මහා යෝධ වැවේ අක්කර අඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ජලය තියෙනවා. ගොවි බිම් අති විශාල ප්‍රමාණයක් මින් වගා කෙරෙනවා. මහවැලි එච් කලාපයේ ගොවි බිම් අති විශාල ප්‍රමාණයක් ඊට අයත්. රාජාංගනයට යනකල් ගොවියෝ පරිහරණය කරනවා මේ ජලය. මේ මහා කලාවැවේ, අඩි 20 ක් විතර උස ඒ වැව් බැම්මේ ජල කාන්දුවක් අඩි හතක විතර උසින් දැන් දින ගණනාවක් තිස්සේ අපිට පේන්න තියෙනවා. කලාවැවේ බැම්ම කැඩුණොත් ගම්මාන රැසක් ජලයෙන් යටවෙනවා. ඒවට වගකියන්නේ කවුද. ඇත්තටම වර්තමාන ජනාධිපතිතුමන්ටත්, කෘෂිකර්ම අමාත්‍යතුමන්ටත්, වාරිමාර්ග අමාත්‍යතුමන්ටත් අපි මතක් කර සිටිනවා ඔබතුමන්ලාගේ අවධානය යොමු කරන්න කියලා. විශේෂයෙන් ජනාධිපතිතුමන්ගේ ගම් පියස තඹුත්තේගම, ආඩියාගල. එතුමන්ගේ අවධානය මේකට යොමු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
එදා රජවරුන් නිර්මාණය කරපු, කලාවැවට අද හානි උපද්දවලා තියෙනවා. ඒකේ බිසෝ කොටුව තිබ්බා. අද හැබැයි ඒකෙ තිබ්බ වටිනාම දේවල් ටික විනාශ වෙලා අවසානයි. ඒ නිසා දැන්වත් අවධානය යොමු කරලා, වැව් බැම්ම ඉක්මනින් ප්‍රතිසංස්කරණය කරලා දෙන්න. නැත්නම් ගොවිතැන් ටික නැති වෙලා යයි. අර පැත්තෙන් නිජබිම් ටික නැතිවෙලා වනසතුන් නැති වෙලා යයි. වතුර ටිකක් නැති වුණොත් වන සතුන් අවට ගම්මානවල තියෙන වැව්වලට ගිහිල්ලා අවට තියෙන ගෙවල් විනාශ කරලා දායි.
කලා වැවේ ජල කාන්දුවක් මේක පොඩි සිදුරක් නෙමෙයි. මේක පොඩි සිදුරක් කියලා ගණන් නොගෙන හිටියොත් මේක ටිකෙන් ටික ලොකු වෙනවා. පිපිරීම වැඩි වෙලා බැම්ම ගැලවිලා යන්න පුළුවන්. දැනටත් ලොකු වතුර පාරක් යනවා. ජලය අඩු කරලා මේක ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාව තියෙනවා.
නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න තියන්න එපා. කලාවැව කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හදවත. රජරට වියළි පොළව තෙත් කරන්නේ කලාවැව.”
2025 අප්‍රේල් 28, පෙ.ව. 12:27
2025 අප්‍රේල් 28, පෙ.ව. 12:23
2025 අප්‍රේල් 28, පෙ.ව. 12:20
2025 අප්‍රේල් 28, පෙ.ව. 12:20
2025 අප්‍රේල් 28, පෙ.ව. 12:17